August 2, 2021

නගර 100ක් එකවර සංවර්ධනය අගමැති ප්‍රධානත්වයෙන්/பிரதமரின் தலைமையில் 100 நகரங்களின் ஒரே நேரத்தில் வளர்ச்சி/Simultaneous development of 100 cities under the leadership of the Prime Minister

නගර 100ක් එකවර සංවර්ධනය අගමැති ප්‍රධානත්වයෙන්


දීර්ඝ කාලයක් තිස්සේ රටේ සංවර්ධනය නොවූ නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කෙරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (14) දින අරලියගහ මන්දිරයේ දී පැවති නාගරික සංවර්ධන අමාත්යංශ ප්රගති සමාලෝචන රැස්වීමේ දී හෙළිදරව් විය.
සෞභාග්යයේ දැක්ම අනුව ප්රධාන නගර හා ප්රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාවය අවම කර සියලු ජනතාවට සමාන නාගරික පහසුකම් ලබාදීම මේ ඔස්සේ අපේක්ෂිතය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශය සහ ඊට අයත් නාගරික සංවර්ධන, අපද්රව්ය බැහැරලීම හා ප්රජා පවිත්රතා කටයුතු සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්ය අමාත්යංශ යටතේ ක්රියාත්මක ආයතන පිළිබඳව විෂය භාර අමාත්යවරයා වශයෙන් අග්රාමාත්යතුමා මෙම හමුවේදී ප්රගතිය සමාලෝචනය කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය දැනට ක්රියාත්මක කරන නිවාස 60000 ක ව්යාපෘතියේ අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 32000 ක ප්රගතිය පිළිබඳව අග්රාමාත්යතුමා මෙහි දී විමසා සිටියේය.
අදාළ ව්යාපෘතිය සියයට පනහක ප්රගතියක් අත්පත් කරගෙන ඇති බවත් එම ව්යාපෘතිය අඛණ්ඩව ක්රියාත්මක බවත් නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දුන්නේය.
කොළොන්නාව, ටොරින්ටන්, බ්ලුමැන්ඩල්, පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්රදේශවල සහ මහනුවර, කරුණෑගල, අනුරාධපුර සහ පොළොන්නරුවේ අලුතින් ක්රියාත්මකවන මධ්යම පන්තික නිවාස යෝජනා පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක්විය.
අඩු අදායම් ලාභීන් වෙනුවෙන් මහරගම, නුගේගොඩ සහ කෝට්ටේ නව නිවාස ව්යාපෘති කිහිපයක් ක්රියාත්මකවන අතර කෝට්ටේ නිවාස ව්යාපෘතිය ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.
පෞද්ගලික ආයෝජකයන් සමඟ තවත් නිවාස 12000ක් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මුලපුරා තිබේ. දැනට තිබෙන ඇවිදින මංතීරුවලට අමතරව දිස්ත්රික්ක 25 සඳහා අලුතින් තවත් ඇවිදින මංතීරු 28ක් නිර්මාණය වේ.
කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි ප්රතිසංස්කරණය කිරීම ගැන අවධානය යොමු කළ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ ගොඩනැගිලි අලුත්වැඩියාවෙන් පසුව නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම ගැන අවධානය යොමු කරන්නැයි අමාත්යංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අලුත්වැඩියාවෙන් පසු එම ගොඩනැගිලි නිසි ලෙස නඩත්තු නොකරන්නේ නම් ඒවා නැවත පරණ තත්ත්වයට ගරා වැටෙන බව අග්රාමාත්යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ද දැනට මධ්යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකරමින් සිටින අතර එම ව්යාපෘතිය 2024 දී අවසන් වන බව මෙහි දී සඳහන් විය.
මහල් නිවාස සංකීර්ණ ක්රමවත්ව පවත්වාගෙන යාම සඳහා සහාධිපත්ය කළමනාකරණ අධිකාරියේ කාර්යය භාරය එම නිලධාරින් විසින් මෙහි දී පැහැදිලි කළේය.
ගංවතුර හා වැසි ජලයෙන් යටවන කොළඹ නගරය හා ඒ අවට ප්රදේශවල ජලය ගලා බැසීමට ඇළ මාර්ග පිරිසිදු කොට ක්රමවත්ව පවත්වා ගැනීමේ වැදගත්කම අග්රාමාත්යතුමා මෙහි දී අවධාරණය කළේය.
කොළඹ ජලයෙන් යටවන ප්රදේශවලට අයත් කිලෝමීටර් 44ක් තරම්වන ප්රධාන ඇළ මාර්ග සහ තවත් කිලෝමීටර් 53ක් දිගුවන සාමාන්ය ඇළ මාර්ග ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ පිරිසිදුකොට ක්රමවත්ව පවත්වාගෙන යනු ලබන බව මෙහිදී සදහන් විය.
එක්ස්ප්රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය ගැන අවධානය යොමු කළ අග්රාමාත්යතුමා පරිසරයට හා ධීවරයන්ට සිදුවූ හානිය සඳහා උපරිම වන්දි මුදලක් ලබා ගත යුතු යැයි පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වනවිට එක්ස්ප්රස් පර්ල් නෞකා ගින්නෙන් සිදු වූ හානියට අමෙරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක් ඉල්ලා ඇති බවත් ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක් මේ වනවිට ලැබී ඇති බවත් හෙළි කළේය.
මෙසේ ලැබී ඇති වන්දියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ධීවරයන්ට සිදුවූ හානියට වෙන්වන අතර, තවත් මිලියනයක් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත්, ඉතිරි මිලියන 0.6 හදිසි ආපදා තත්ත්වයක් වෙනුවෙන් වෙන්කර තබන බවත් අග්රාමාත්යතුමාට දැනුම් දුන්නේය.
ධීවරයන්ට සිදුවූ පීඩාව වෙනුවෙන් ක්රමවත්ව එම වන්දි මුදල් බෙදා දෙන්නැයි අග්රාමාත්යතුමා ප්රකාශ කළේය.
ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මේ වනවිට ක්රියාත්මක වේ. මේ අතර අතිගරු ජනාධිපතිතුමාගේ ද උපදෙස් පරිදි සමුද්ර ආපදා කළමනාකරණ මධ්යස්ථානයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමු වී ඇත.
මේ අතර සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වර්ඩ් වීව් ආයතනය සමඟ එක්ව හෙක්ටයාර් 25000ක කඩොලාන ප්රතිස්ථාපනය කිරීමේ කටයුත්තක් ළඟදීම ආරම්භ කිරීමට නියමිත අතර වර්ග මීටර් 400ක කොරල් ප්රතිස්ථාපන වැඩපිළිවෙලක් මිරිස්සෙන් ඇරඹීමට නියමිතය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යටතේ ගාල්ල මහමෝදර සහ බූස්ස, අම්බලන්ගොඩ ප්රදේශයේ වෙරළ ඛාදනය වැළැක්වීමේ ව්යාපෘති ක්රියාත්මක වේ. ඊට අමතරව ගාල්ල, තංගල්ල, මැදකැටිය සහ ගම්පහ දිස්ත්රික්කයේ වෙරළ උද්යාන ඉදිකිරීම දැනට ආරම්භ කර ඇත.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, අපද්රව්ය බැහැරලීම හා ප්රජා පවිත්රතා කටයුතු රාජ්ය අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා,වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්ය අමාත්ය මොහාන් ප්රියදර්ශන ද සිල්වා, අග්රාමාත්ය ලේකම් ගාමිණි සෙනරත්, අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්ය අමාත්යංශයේ ලේකම් අනිල් විජේසිරි, අග්රාමාත්ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්වරු සහ අදාළ ආයතනවල සභාපතිවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.


September 25, 2015

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුන


Whoever the President Good Luck to my motherland Sri Lanka ............

http://offair.nethfm.com/article/26725 යන ස්ථානයේ ඇති web පිටුවෙහි තිබෙන ළිපියට comment එකක් ලෙස මෙය ලියමි.

( මෙම ලිපිය , යමෙකුව දේශපාළනික ලෙස අඟය කිරීමේ අරමුණින් හෝ යමෙකුට දේශපාළණික ලෙස අවමන් කිරීමේ අරියෙන් ලියන ලිපියක් නොවන බව කරුණාවෙන් සළන්න.)

මා බහුළව Sri Lanka වට පැමිණෙන U S A හි වාසය කරන , Sri ලාංකිකයෙක්මි. 

මෙවැනි දේවල් (the tallest building in South Asia - ) ලංකාවට ඉතාමත් උවමනායි. 

( අපි ඉස්සර Europe Countries වළට ආවහම එම රටවල්වළ තිබෙණ සුවිශේෂ තැවළට ගිහිල්ලා අපේ photos ගන්නවා වගේ...දැන් ඉතිං ලංකාවට එන සංචාරකයොත් , ඒගොල්ලෝ ලංකාවට ගියා කියළා පෙන්වන්න , අනිවාර්‍යයෙන්ම Lotos Tower ළඟ ඉඳළා Photos ගන්නත් පෙළඹේවි.) 


සාමාන්‍යයෙන් , අපේ රට ප්‍රසිද්ධ වෙළා තිබුණේ , නිතරම ජනාකීර්ණ තැන්වළ බෝම් පිපිරීම නිසා ඉතාමත් අන්ත ලෙස පීඩා විඳින රටක් හැටියටයි.

 ඒ වගේම  අපේ රටත් (Shri Lanka ) සෝමාලියාව , ඉන්දියාව වගේ ඉතාමත් අපිරිසිඳු රටවල් හැටියට තමයි,ගොඩක් විදේශිකයන්ගේ ඔළුවේ තියෙන්නේ.

ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ රජය විසින් සැළසුම් කර තිබූ පරිඳි , පිට කොටුව සම්පූර්ණයෙන්ම නවීකරණය කර , කෙළ පිඩක් හෝ ගසන්නට සිතෙන්නේ නැති වන ලෙස අළංකරණය කළ යුතුයි.

චන්ද(Votes ) කැඩේවියයි යන බයෙන් , නැවතත් හිතුමතේ පාරේ , ඇවිදින මිනිසුන්ට( Pedestrian ) ඉතාමත් අවහිර වන සේ , Pavement එකෙහි වෙළදාම් කරන්නට ඉඩ නොදිය යුතුයි { පදික වේදිකාව තිබෙන්නේ පදිකයන්ට ඇවිදාගෙන යන්නට මිස(Hiker) , වෙළදාම් කරන්නට නොවේ } Pavement එකෙහි තැන් තැන්වළ ඉතාමත් අපිරිසිඳු ආකාරයෙන් අමු දවල් කාළය ( Broad day light ) වන තුරුත් බීමතින් ඉතාමත්ම අපිරිසිඳුව නිදා ගන්නටත් බත් ඉඳුල් විසි කරන්නටත් ඉඩ නොතැබිය යුතුයි.

ඇත්තෙන්ම කියනවා නම් , දැන් Floating Market එක ගසා ඇති තැන ඉස්සර තිබුණේ ඉතාමත් අවිධිමත්ව ආකාරයෙනි. රාත්‍රියට මිනිසුන් ඒ කඩ අස්සේ තැන් තැන්වළ බීමතින් මුත්‍රා කරන නිසා උදේට ගන්දසාරේ ඉන්නට බැරි , මතක් වෙනවිටත් ඔළුව කැක්කුම හැඳෙන පරිසරයකි.

නමුත් පෙර තිබුණ තත්වය හා සාපේක්ෂව බළන කළ දැන් එතන තිබෙන්නේ සුරපුරයකි.ඇත්තෙන්ම එම නඟර අළංකරණ සැළසුම් දුටු කඩකාරයින් , තමන්ගේ කඩ කඩා දමන්නට ඉඩ දී තිබුණේ  , තමන්ගේ අනාගත දරුවන්ට හෝ ලස්සන රටක් තියෙනවානේ " යන අඳහස ඇතිව ඉතාමත් කැමැත්තෙනි.

නාගරික සංවර්ධනය භාරව ගෝඨාභය රාජපක්ෂලා  සැළසුම්කර තිබූ පරිඳි පිටකොටුවේ ඉතිරි අළංකරන වැඩ පිළිවෙළද ක්‍රියාත්මක කළ යුතුයි.
චන්ද කැඩේවි යයි බයෙන් , හිතූ හිතු තැන්වළ වෙළදාම් කරමින් , පදික වේදිකාව අවහිර කිරීමට ඉඩ නොදිය යුතුයි.

පිටකොටුවේ Pavement එක සම්පූර්ණයෙන්ම ගළවා ඉතාමත් ලස්සන ආකාරයෙන් Interlock Pavings ගල් අල්ලා , පාර ආශ්‍රිතව ලස්සනට මල් පිපෙන ගස් වවා ,විධිමත් ආකාරයේ වැටවල් යෙදීමට , එක් මාසයක බදු ආදායමෙන් කොටසක් ගත් විටඉහටත් උඩින් ප්‍රමාණවත් ( more than enough ).

විදේශිකයකු පැමිණි විට , මෙන්න අපේ රටේ බස්නාහිර පළාතේ ප්‍රධානතම නඟරය ( " Colombo ") කියා ලැජ්ජාවක් බයක් නැතිව කියන්නට හැකිවන ළෙස සාදන්නේ නම් ඉතාමත්ම අඟේ කොට සළකමු.

පිරිඳුකම සහ ලස්සන තිබෙණ විට , වෙළෙන්දන්ට පවා අපිරිසිඳුව සිටින්නට සිතෙන්නේ නැත. එවිට ඔවුන්ද ලස්සනට සහ සුපිරිසිඳුව සිටීමට ස්වයංක්‍රීයවම පෙළඹේ.

මල් වවන්නේ නම් ඒවාට සැමදා උදේ 5 a.m වන විට ( එනම් මිනිසුන් නඟරයට පැමිණ නැති , නනඟරය කාර්‍යය බහුළ වී නොමැති අවස්ථාව ) වන විට වතුර සහ අවශ්‍යය පරිඳි පොහොර දැමීම සහ නඟරය සම්පූර්ණයෙන්ම , පුංචි කොළ කැබැල්ලක්වක් නොමැති වන ළෙස පිරිසිඳු කළ යුතුයි.

පිරිසිඳු බව ඇති විට , ප්‍රශ්ණ තිබෙන මිනිසුන්ගේ පවා ,ඉබේම ඔළුව සැහැල්ලු වේ.( නමුත් දැන් තිබෙන පිටකොටුව නඟරය දුටු විට , ඉබේම ඔළුව කැක්කුම සෑදේ.)

මේ Europe රටවල්වළට මිනිසුන් පැමිණෙන්නට අශා කරන ප්‍රධානතම කාරණය නම් , ලස්සන බවත් පිරිසිඳු බවත්, සැළසුම් සහගත බවත් ඇති නඟර නිසාය.
ශ්‍රී ලංකාවත් එම තත්වයට ගෙන එමු.

චන්ද කැඩේවි යයි බයෙන් මිනිසුන්ට ඔනෑම දෙයක් කරන්නට ඉඩ නොදී , සුපිරිසිඳු සහ ඉතා අළංකාරවත්( මනස්කාන්ත ) නඟර බිහි කරමු.පදික වෙළදුන් එක්වරම ඉවත් කිරීමට අපහසු නම් , පදික වෙළදාම් කිරීම හරස් වීදිවළට පමණක් සීමා කරමු.
මහා මාර්ගයේ පදික වෙළදාම් කරන මිනිසුන්ද හරස් වීදිවළට( Ex 1st cross street , 2nd cross street ) යවා ( Transfer )නඟරය පිරිසිඳු සහ අළංකාරවත් කිරීම අරඹමු.

( එවිට බඩු ගැණීමට උවමණා මිනිසුන් හරස් වීදිවළටම පමණක් ගොස් බඩු මිළට ගැණීමට පෙළඹේවි.) -World Market එකද previously Planned  පරිඳි පාරෙන් එහා පැත්තේ ඉඩමට shift කරමු

 මහින්ද හෝ ගෝඨාභය ඇති කරපු Plans යයි කියා පංගුපේරු නොබළා මෙවැනි වැඩ ඉඳිරියට ගෙන යමු.සැබෑ යහ පාළණයක් සඳහා , මිනිසුන් නිතර ගැවසෙන නඟරයෙහි මනස්කාන්ත බව සහ සුපිරිසිඳු බව ඉතාමත් උවමනාය. 
Good Luck....Good Luck.....Good Luck

රනිල් වික්‍රමසිංහ මහතාත් නිතරම Europe  රටවල අභාෂය ළබාගෙන ඇති නිසා , මෙවැනි වැඩ පිළිවෙළවල් සාර්ථක කර ගැණීමට මෛත්‍රීපාළ ජනාධිපතුමාට ඉහළින්ම සහයෝගය දෙනු ඇතැයි විශ්වාස කරමු.

අපි එකම රටේ මිනිසුන්. තරහ මරහ හොඳ නැහැ. මහින්ද & ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ජනාධිපති උපදේශකයෝ විධිහට පත් කර ගත්තොත් හොඳ නැද්ද ? නේද? ( Seriously )

ප්‍රතිවාදීව සටන් වැඳුනු නමුදු පැරදුණු ජනාධිපතිවරයා ( &  Gotabhaya) , සංවර්ධනය පිළිබඳව  තමන්ගේ උපදේශකයකු ලෙස පත් කර ගත්තා යයි  දැණ ගත් විට ලෝකයේ සියල්ලෝම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තව තවත් ගරු කරාවි. 

Whoever the President Good Luck to my motherland Sri Lanka ............


August 29, 2014

[ C ] කම්මැලිකම යන්නත් එක්ක පත්තරයක් බළමුද...


කම්මැලිකම යන්නත් එක්ක අපි පත්තරයක් බළමු...
     Sri Lanka News Papers : sundayobserver

    ශ්‍රී ලංකාවේ News Papers : thesundayleader

ශ්‍රී ලංකාවේ News Papers : The Island

එක්සත් රාජධානියෙහි  News Papers :The guardian

එක්සත් රාජධානියෙහි  News Papers :Mirror

      ශ්‍රී ලංකාවේ  News Papers :ලංකාදීප

     ශ්‍රී ලංකාවේ News Papers :සිළුමිණ

   ශ්‍රී ලංකාවේ News Papers :නෙත් FM පුවත්

 ශ්‍රී ලංකාවේ News Papers :දිවයින

ශ්‍රී ලංකාවේ News Papers :රිවිර

ශ්‍රී ලංකාවේ  News Papers :නවලිය

ශ්‍රී ලංකාවේ  News Papers :තරුණී

ශ්‍රී ලංකාවේ News Papers :විදුසර

ශ්‍රී ලංකාවේ  News Papers :බුදුසරණ




August 28, 2014

[ D ] සෑම අයම පොදුවේ කියවීමට සුදු යයි මට හැඟුනු Web Sites / Links

අන් අයට ප්‍රයෝජනවත් වේයයි  ඔබටත් සිතෙන Web Site එකක් ඇත්නම් කරුණාකර එම Web Site එකෙහි URL එක මෙහි  comment යටතට දමා  publish යන්න මත click කරන්න.

මේ ආකාරයෙන් තෝරා ගත් Web Sites කිහිපයක් පහත දැක්වේ.



  1. අතිගරු විධායකජනාධිපති තුමා.{ The Executive Presidency }


  • මෙම  web site එක කියවීමෙන් , මාගේ ඉංග්‍රීසි දැණුම ඉතාමත් පුළුල් කර ගැණීමට ඉවහල් විය. ඊට අමතරව සෑම ශ්‍රී ලාංකිකයෙකුම කියවිය යුතුය යන්න මාගේ අඳහසයි. ( අප ගමේ ගොඩේ අය ඕපා දූප ලෙස කියවන දේශපාළණ පුවත් , විධිමත් ලෙස ඉංග්‍රීසියෙන් පැවසීමේ දැණුම , මෙම එක නිතර පරිශීළණය කිරීමෙන් ඉගෙණ ගත හැකියි)


  1. අති දරුණු උන්මත්තක ත්‍රස්තවාදයේ අවසානය සහ පිරිසිඳු සහ මනස්කාන්ත ශ්‍රී ලංකාවක ආරම්භය ( Defence & Urban Development )
  •  යුද්ධය නිම කිරීමෙන් පසු වත්මන් ලංකාවෙහි සිඳුවෙමින් පවතින මනස සැහැල්ලු කෙරෙන කඩිනම් පාරිසරික සංවර්ධනය පිළිබඳව වත්මන් තොරතුරු මෙහි අන්තර් ගත වේ.


August 27, 2014

[ 1. ] මෙම Bolg අඩවිය පිළිබඳ විස්තර (හැදින්වීම )

නොසිතූ විරූ ලෙස අති දැකුම්කළු ශ්‍රී ලංකාවක් බිහි කරමින් සිටින අති ගරු ජනාධිපතිතුමා ඇතුළු රජය වෙත  , අඳහස් දැක්වීමට  සාමාන්‍යයෙන් අපහට ක්‍රමයක් නොමැති නිසා , එම අඳහස් දැක්වීමට මෙලෙස   blog සටහන් ලිවීම ආරම්භ කළෙමි.

 ( කිසිම හේතුවක් නිසා හෝ මෙම blog අඩවිය තුළ දේශපාළනික ලිපි පළ නොකරන අතර , මෙම  blog අඩවියෙහි සම්පූර්ණ අරමුණ වන්නේ , ලක් පරිසරය තුළ ආකර්ෂනීය බවක් ඇති කර ගැණීමට කළ යුතුයයි සිතෙන අඳහස් දැක්වීම පමණකි.



අධික විස්තර ලියන්නට ගියහොත් , මෙය කියවීම තරමක කම්මැලි ගතියක් ඇති විය හැකි නිසා මෙහි ඇතුලත් බොහෝලිපි ඉතා සංක්ෂිප්තව ලියමි.


නමුත් බොහෝ ලිපි ( උදා : යෝජනා) , ඉතාමත් සරල භාෂාවෙන් ලියා ඇති නිසා , මේ වා පිළිබඳ එතරම් සැළකිල්ලක් නොදැක්වීමට , රජයට වුවද සිතෙන්නට පුළුවන. නමුත් මෙහි ඇති යෝජනා පිළිබඳව , පුංචි සිතිවිල්ලක් හෝ ඔළුවට ගන්නා මෙන් කාරුණිකව 
ඉල්ලමි.

මෙහි අඩංගු බොහෝ  ලිපි/ යෝජනා ,  2012 වසරේ පළ කරන ලඳ ඒවාය . එමනිසා එම ලිපි කියවන විට , එම අඳහස් , පරණ බවක් හැඟෙන්නට පුළුවන.ඒ ගැන සමාවන්න.( එම අඳහස් පරණ වූවද  , ඒවා වටිනාකමක් ඇති අඳහස් නිසා එම ලිපි මකා දැමීමක් සිඳු නොකරන්නට තීරණය කළෙමි..)


මෙහි ඇති අඳහස් , මවිසින්ම පමණක් දරන අඳහස් නොවේ . මේවා විවිධ අවස්ථාවන්වලදී යහළුවන් රැස් වූ විට , රට තොට පිළිබඳව  කථා බහට ලක්වන විට සැමගෙන්ම ආ අඳහස්ය.


මා දැකුම්කළු සහ සුපිරිසිඳු පරිසරයන්ට තඳින් ඇළුම් කරන්නෙක්මි. ( තමා සහ තමා අවට පරිසරය දැකුම්කළුමෙන්ම සුපිරිසිඳු සහ තරමක හෝ සිසිල් ගතියකින් යුක්ත වූ විට.....

එය පහත සඳහන් මානසිකත්වයන් ඇති නොවීම  සඳහා සහ පහසුවෙන් මර්ධනයකර ගැණීමටඉතාමත් උපකාරී වන බව බොහෝ අය නොදන්නා කරුණකි.

  • දැකුම්කළු සහ සුපිරිසිඳු පරිසරයකසිටිනවිටදී ඕනෑම මානසික පීඩාවක් පහසුවෙන් විඳදරා ගැණීමේ හැකියාව වැඩි වේ.

  • දැකුම්කළු සහ සුපිරිසිඳු පරිසරයකසිටිනවිටදී ඕනෑම දෙයකට පහසුවෙන්ම ඇණකොටා ගැණීම වැනි මානසික තත්වයන්ට  යොමු වීම ස්වාභාවිකවම මනස මඟින්  වැලකේ.( මනසෙහි තැන්පත් බවක් ඇතිවේ.)
  • කොටින්ම කියනවානම් රස්නය සහිත අපිරිසිඳු පරිසරයක සිටින විටදී මිනිස් මනසේ ඇතිවනකැකෑරෙන ගතිය , දැකුම්කළු පරිසරයක සිටින විටදී මනසින් දුරුවේ.( සිතෙහි යම්කිසි තැන්පත් ගතියක් ඇතිවේ. )

මෙය කියවන ඔබට ඉතාමත්ම ස්තූතියි..........

පිබිදෙන මව් බිම දැක පිබිදුන ශ්‍රී ලාංකිකයෙක්( ශ්‍රී ලාංකිකයෝ )
Note: This Web site has a problem of typing proper Sinhala Fonts. So... please ignore the improper fonts in some Sinhala Words.I am sorry about that. Thanks for visiting the Web Site.

August 26, 2014

[ 2. ] කවුද මේ ? සහ මෙම blog අඩවිය කියවන විට දී Blog භාවිතය පිළිබඳව එතරම් දැනුමක් නොමැති අයට අවශ්‍ය විය හැකි උපදෙස්.

මෙම Blog අඩවිය තුළ දක්වා ඇති අඳහස් සහ මා ගැන වැරදියට තේරුම් ගැණීම් ඇතිවීම වැලැක්වීමට පහත සඳහන් කරුණු උපකාරී වේයයි සිතමි.
මා වත්මන් රජයේ වැඩපිළිවෙලවල අතිශයින් පැහැදීමට පත්ව සිටින අතිමහත් ශ්‍රී ලාංකිකයන් අතරින් තවත් ශ්‍රී ලාංකිකයෙකි.

 ස්විස්ටර්ලන්තයෙහි බළශක්ති සංරක්ෂණ ඉංජිනේරු සැළසුම් නිර්මාණ ශිල්පියකු ( Eco Friendly - පරිසර හිතකාමී )ලෙස රැකියාව කරමින් සිටින්නෙමි.

කියවන දෙයෙහි අර්ථය නිසි ලෙස හඳ තුළට කා වැද්දවීමට නම් ,ඉංග්‍රීසි භෂාවෙන් ලියනවාට වඩා මවු භාෂාවෙන්ම ලිවීම වඩා උචිත යයි සිතුන නිසා, සිංහලෙන්ම ලිවීම ඇරඹුවෙමි.

මාගේදෙමවුපියන් තදබල එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් වූ නිසා ඔවුන්ගේ පාරේ යමින් එක්සත් ජාතික පක්ෂයෙහි යොවුන් පෙරමුණහි සභාපතිවරයකු ලෙසද පත්වූයෙක්මි.

නමුත් ලාංකිකයන්ගේ මනසට සහ ලාංකික භෞතික පරිසරයේ දියුනුවටප්‍රධානතම පිළිලය වූ යුද්ධයට තිත තබන්නට වත්මන් රජය අති සාර්ථක ලෙස පියවර ගන්නා බව පැහැදිලිවම පෙනෙන්නට ගත් අවස්ථාවේ සිට මා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන් ප්‍රමුඛ මෙම රජයට ඉතාමත්ම ගරු කරන සාමාජිකයෙක් බවට පත් විය.


  • මා පාසල් කාළයේ සිටම යහළුවන් විසින් "අවි" ලෙස හැදින් වූ අතර, එය මාගේ නමෙහි මුලකුරු මිස "අවි' යන වචනය වැරදියට weapon ලෙස තේරුම් නොගන්න .

මෙහි සඳහන් කොට ඇති  අඳහස් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය තුළ දැනටමත් තිබෙන්නට පුළුවන. නමුත් එක්වරක් හෝ අතිගරු ජනාධිපතිතුමා සහ ගරු ආරක්ෂක ලේකම් තුමා විසින්ම මෙම Blog අඩවිය කියවන්නේ නම් ඉතාමත් අගේ කොට සළකමි.

මෙය කියවා ඔබගේ සහකාරවරයකුලවා  හෝ සුළු හෝ Comment එකක් දමන්නේ නම් එය අපහට  තව තවත් අඳහස් ඉඳිරිපත් කිරීමට මහ ධෛර්‍යයකි.

His exellancy The president  has read this  & Suggestions have been appreciated .

                     Honourable defence secretary Gotaabhaya Rajapaksa  has read this  &...will see to implement this Proposal

                ආදී ලෙසින් ......මෙය  කියවන ලඳ ගරු මැති ඇමතිවවරුන් විසින්ද Comment එකක් දැම්මොත් , මා ලියනා සහ සිතනා දේවල්වල නිවැරදි බව මටම තීරණය කර ගත හැකි වේවි.( අඟය කිරීම් මෙන්ම විවේචනද comment වලට යෙදුවාට කමක් නැත. . බැන්නොත් මට මගේ වැරදි මටම හදා ගැණීමට උපකාරී වන නිසා , මට බැනල comment දැම්මත් කමක් නැහැ )


මෙම කියවන ඔබ සිංහලෙන් type කිරීමට නොදන්නේ නම් , සරල ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල ශබ්දයන් ඇසෙන සේ ඉංග්‍රීසි අකුරුවලින් comments දමන්න.

උදාහරනයක් ලෙස  "හොඳ යෝජනාවක්" යනුවෙන්  comment එකක් දැමීමට ඔබට අවශ්‍ය නම් පහත පරිඳි ඉංග්‍රීසි අකුරුවලින් දක්වන්න.
"Honda yojanawak"

එසේ නොමැති නම් තනිකරම ඉංග්‍රීසි භාෂාවෙන් comments දමන්න.


එක්වරකට එක් ලිපියක් පමණක් කියවන්න.(Open one post ,  at a time )

ලිපි දෙක තුනක් එකවර කියවීමට උත්සාහ කළවිට , රූප රාමු load වීම පමාවේ.
 එවිට එම ලිපි කියවීමට කම්මැලි ගතියක් ඇති විය හැක.
රූප රාමු අන්තර්ගත කර ඇති ලිපි , රූප රාමු

නොමැතිව , අකුරුවලින් ඇති දෙය  පමණක්

කියවීමේදී , නියම අඳහසක් සිතට ඇතුල් නොවේ.

කෙසේ වෙතත් වේගවත් අන්න්තර්ජාල

සම්බන්ධතාවයක් ඔබ සතුව තිබේ නම් , ඉහත උපදෙස්

සම්බන්ධයෙන් , කනස්සලු වීමට සිඳු වන්නේ නැත.

August 25, 2014

[ 3a ] අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජයට ස්තූති වේවා

සුන්දර සුපිරිසිඳු සහ මනා සැලසුම් සහ සහගත සංවිධානාත්මක පරිසරයක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් (පත්කරමින් ) පවතින බව දුටුවිට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. සුන්දර පරිසරයක් යනු මනසට ආහාරයකි.


අතිගරු ජනාධිපතිතුමනි,

ගරු ආරක්ෂක ලේකම්තුමනි ,

........ඇතුළු අනෙකුත් මැති ඇමතිවරුනි ,

 

 

30 වසරක තිස්සේ....... බෝම්බයකින් ...කොයිවේලේ ඇඟපතෙහි කෑල්ලක් නැතිවේදෝ හෝ මැරේදෝ යන අති භයංකර මානසිකත්වයෙන් යුතුව ලංකාව තුළ  සිටිය යුතු තත්වය නිමා කිරීම වෙනුවෙන් සහ සීඝ්‍රයෙන් සිදුවන සංවිධානාත්මක හා දැකුම්කළු  පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉතාමත් ස්තූති කරමින් මා විදේශගතව සිටියදී ආරක්ෂක ලේකම්( Secretary_of_Defense in Sri Lanka )  තුමාගේ Face Book පිටුවට අනන්තවත් comments දමා ඇත්තෙමි.




රටක ජනාධිපතිතුමා අමතන විටදී , උපරිම විධිමත් ආකාරයෙන් එම සටහන් පිළියෙල කළ යුතුය.



නමුත් , හැඩ වැඩ දමාඉතා විධිමත්ව මෙම සටහන ලියන්නට ගියහොත් , මෙම ලිපිය ඔබතුමා වෙත ඉඳිරිපත් කිරීමට සැලැස්වීම දිගින් දිගටම කල් යා හැකි නිසා කාළ වේළාව ඇති අවස්ථාවලදී , ටිකින් ටික හෝ මෙලෙස ලියන්නට අඳහස් කළෙමි. (වචන හා වාක්‍යවල යම් යම් වැරදි ඇත්නම් කරුණාකර සමාවන්න )



ලියන්නට යන දෙය තාත්විකව සිතට වැදීමට නම් මව් භෂාවෙන්ම ලිවීම උචිත යයි සිතුනු නිසා සිංහල බසින්ම ලියමි.


රටේ දියුණුවටත් මානසිකව අප සැමටත් කොඩිවිනයක්ව පැවති යුද්ධ ත්‍රස්තවාදය , පොලවට සමතලා කරනවා වෙනුවට ක්‍රියාන්විතයේ සිටි  ඉතාමත් නිහතමානී සහ දක්ෂ හමුදා නායකයන්ව පවා පොළවට සමතලා වෙන්නට ඉඩ හරිමින්  තමන් බේරී සිටීම  පෙර සිටි සෑම රජයක් විසින්ම සිඳු කළ අතර.., බලය රැක ගන්නට කියා වත්මන් ජනාධිපතිතුමා විසින් එම මෝඩකම නොකල අතර එය තේරුම්ගත් ලක්වාසි සැමද මෙම නායකයාව අඛන්ඩව බලයේ තබා ගන්නට වග බලා ගත්තේය.


සිරිලක තුළ වාසය කරන හා සිරිලක තුළ සංචාරය කරන අයගේ මනසේ තිබූ යුධ බිය තුරන් කිරීමට ඔබතුමා ගත් "ගැම්ම " බිඳී නොවැටීම සඳහා , ජනාධිපති ධූරය ප්‍රමුඛ රජය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් විය ( එසේ නොවුනා නම් යුධ බිය නැමැති යක්ෂයා තවමත් අප සිත නිතර දෙවේලේ බිය ගන්වන්නේය ).


දැකුම්කළු හා සුපිරිසිඳු පරිසරයක් බිහි කිරීම සඳහා ඔබතුමා ගෙන ඇති  "ගැම්ම යුද්ධය නිමකිරීම සඳහා ගත් ගැම්මට දෙවෙනි නොවන්නේය ( දැකුම්කළු හා සුපිරිසිඳු පරිසරයක් යනු මනසතුළට ලැබෙන ප්‍රධාන ආහාරයකි )


ජනාධිපතිතුමන් විසින් යම්කිසි  කටයුත්තක් භාර කළවිට එය අකුරටම ඉටුකරන ඉවසිලිවන්ත , විශ්වාසවන්ත  හා බුද්ධිමත් සහෝදරයන් පිරිසක් ජනාධිපතිතුමන්ට සිටීමද අපේ පිනකි.

ප්‍රධානතම නිඳසුනක් ලෙස ගරු ආරක්ෂක ලේකම්තුමා පිළිබඳව සඳහන් කළ හැකිය.
අවුරුදු 30ක් තිස්සේ නිමකරගත නොහැකිව තිබූ යුද්ධයක් නිමකිරීම වැනි අති භාර දූර කාර්‍යක් ඉටු කිරීමේදී , මුදල්වලට වහල් වී හෝ පුංචි වචනයකට වුවද තමන් සමඟ උරණ වී ( එනම්  අණ පිළිපැදීම ලොකු මදිකමක් යයි සිතන අයකු ) සියල්ල දමා ගසා යන අයෙකු ආරක්ෂක ලේකම් තනතුරෙහි සිටියා නම් , යුද්ධය නිමාකිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සෑහෙන ගැටළු ඇතිවන්නට පුළුවන්කමක් තිබින.


නමුත් සහෝදරයකු කිසිවිටකත් එසේ පිටු පා යන්නේ නැත.
 වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකු සිටින මා එය හොඳින් දනී.

ත්‍රස්තවාදය පොළවට සමතලා කොට , ඉන් නොනැවතී , සිරිලක යනු දුටු සැණින් සියළු ප්‍රශ්ණ අමතක වන තරම් ඇති මනරම් පරිසරයක් ඇති රටක් බවට පත් කරවීමටද සියළු උත්සාහයන් ගන්නා ඔබතුමන්ලාට සදා කල් ජයෙන්ම ජය වේවා.


යමෙකු කරනා  වැඩක් කරනා වැඩක් පිළිබඳව අගය නොකර සිටියහොත් , ඔහු කළ වැඩය තව දුරටත් වැඩි දියුනු කිරීමට  ජවයක් නොලැබේ ( එය මිනිස් මානසිකත්වයටපොදු සත්‍යතාවයකි )


යුද්ධ ත්‍රස්තවාදයට තිත තැබීමට  ඔබතුමන් සතුව තිබූ ජවය හා  සැබෑ උවමණාව  දෙස බැලීමේදී , ජවය යන්න අමුතුවෙන් ඔබතුමා වෙත ලබා දිය යුතු නැත.නමුත් අඟය කළ යුතු අඟය කළ යුතුමය.එසේ නොවුනහොත් වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව  අප අති මහත් සංතෝෂයෙන් සිටිනවාද කියා ඔබ දන්නේ නැත.



එම නිසාම ඔබතුමන් ඇතුළු රජයේ වැඩ පිළිවෙළ ගැන අඟය කර ඇති අතර එය කිසියම් හෝ ලාභ අපේක්ෂාවෙන් කළ දෙයක් නොවේ.( මෙම රජයේ වැඩ පිළිවෙල අඟය කරන එකම පුද්ගලයා, මා පමණක් නොවේ. ලස්සනට හා පිරිසිඳුව සිටීමට කැමති සෑම අයම , එම අගය කිරීම සිඳු කරති )




අතිගරු ජනාධිපතිතුමා සහ ඔබ සියලු දෙනා සහිත රජය තවත් පරම්පරා ගනණාවකට පවතීවා යනු මගේ අපේ පැතුමයි.



ඉටුකළ නොහැකි පොරොන්දුවක් වූ වසර 30 ක ශාපයෙන් රට ගලවා ගැණීම ඉටුකළ  අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්තමයාණනි , යුද්ධය තිබූ කාළය හා සසඳන විටදී , දැන් අප විඳිනා නිඳහස අනුව බැලූවිට මවුගෙන් බිවි කිරිවල ගුණයටත් වඩා  කළගුණ ඉටු කළ යුතු මෙහෙයක් ඔබ විසින්  අපට ඉටුකර දී ඇත.
ඔබටත් ඔබට ශක්තියක් වූ සැමටත් සදා කල් ජයෙන් ජයම වේවා.

August 24, 2014

[ 3.b] බළවේග හමුවේ නොසැලුනු නායකත්වය) The Great President MR

ලංකාවේ වාසය කිරීම තරම් තවත් භයානක දෙයක් නැතැයි යන තත්වයට කළක් ලංකාව පත් වී තිබුණේය.


List of attacks 

ප රටේ සංවර්ධනය අඩාළ කළ මානසික රෝගියාගේ ප්‍රහාර

අමිහිරි මතක

දවස් ගණනාවක් යනතුරු මුළු ළංකාවේම ලිංවල වතුර පවා බොන්නට බැරිවන ලෙස අළු වැටුන කොළොන්නව ප්‍රහාරය


කොටින්ම පිට රට පවා අප වාසය කළේ ඉතාමත් බයෙනි. නමුත් දේශයේ පිණට පහළ වු අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති උතුමාණෝ  ඔහු ජනාධිපති පදවියට තරඟ වදින විටදී පොරොන්දු වූ ආකාරයෙන්ම  එම භයානක තත්වයට තිත තැබුවේය.

ශ්‍රී ලංකාවේ තිබුණු යුද්ධයෙන් අපි දිනපතාම වාගේබැට කෑ හැටි  කිසි දිනකත් අමතක කළ නොහැකිය.ඇත්තෙන්ම අවුරුදු 30ක් ම යුද්ධයෙන් බැට කෑ සිටි අප හට , යුද්ධ ඉවර කරන්නවා යනු  තනිකරම සිහිනයක් පමණක් විය.( මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද්ධය ඉවර කරන බව පොරොන්දු වූ විටද , මා පවා අපේ යහළුවන් සමඟ පවසා සිටියේ .." ඕව නිකං චන්දේ ගන්න කියන කථා විතරයි, ඕව නිකං බයිලා විතරයි.. මචං " යනුවෙනි. නමුත් යුද්ධය නිම කිරීමේ ආශ්චර්‍යද පොරොන්දු වූ පරිඳි අකුරටම ඉටු කළේය.)



ඕනෑම ජාතියක මිනිසුන් අධික ව සිටින ඕනමතැනකින් බියගුළු ලෙසින් බෝම්බ තබ්බවා බිය ගුළු ලෙස පැණ යාමේ යාමේ මානසික රෝගයක් ප්‍රභාකරන් නම් වු පිස්සු බල්ලාට තිබූ නිසාද, මරාගෙන මැරෙන මානසික රෝගීන් ඔහු සතුව සිටි නිසා යන කාරණා නිසා... , සෑම විටම මිනිසුන් අධිකව සිටින තැන් මෙන්ම බස් රථ සහ සියළුම සැක සහිත වෙනත් ඕනෑම රථයන්ද නිරන්තරයෙන් හමුදාව සහ පොලීසිය  මඟින් පරීක්ෂා කරවීම ඉතාමත්ම අත්‍යාවශ්‍යය කාරණයක් විය.  එනිසා මිනිසුන් අධික ලෙස හෙම්බත් වී සිටියේය. ජාතික හැඳුනුම් පත නොමැතිව ලංකාවේ කොහේටවත් යා නොහැකි විය. ප්‍රභාකරන් නම් වු පිස්සු බලු මානසික රෝගියාගේ ක්‍රියාකාරකම් නිසා ලංකාවේ වාතුළ වාසය කළ සහ සැරි සරමින් සිටි සියළුම අයව නිතර දෙවේලේ බස් රථ නවත්වා පරීක්ෂා කරන්නට සිඳු වීම නිසා ඒ ආකාරයෙන්ද නිසුන් මානසිකව සහ භෞතිකව හෙම්බත් වී සිටියේය.

නමුත් අති ගරු ජනාධිපතිතුමා විසින් තමන්ගේ ජනාධිපති පුටුව රැක ගැණීම සඳහා රට පාවා දෙමින් ප්‍රභා නැමැති මානසික  රෝගියාට කිසිවිටකවත් සහය නොදීමට තදින්ම තීරණය කොට ආරක්ෂක ලේඛම්තුමා ඇතුළු ත්‍රිවිධ  හමුදාවටම , යුද්ධයේ අවසානය දක්වාම සටන් කළ යුතුය යන ස්ථීරශීලී දවු රුණු විධානයත් , රටේ නායකයා ලෙස දිය හැකි උපරිම කැප කිරීමත් සිඳු කළේය.ජනධිපති පදවියට පත් වන විට පොරොන්දු වූ පරිඳි වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම යුද්ධය අවසන් කළේය.


එනිසා දැන් ඉස්සර වාගේ කිලෝ මීටරයෙන් කිලෝ මීටරයට හැඳුනුම් පතද රැඟෙන රැඟෙන , තමන් සතු බෑගයේ තිබෙන්නේ මොනවාදැයි යනුවෙන් හමුදාවට පෙන්වමින් බස් රථවලින් හෝ තමන් ඉන්නා වාහනයෙන් බැස හෙම්බත් වීමේ අති කරදරකාරී තත්වයද නැත. ඉතාමත් සැනසිල්ලේ අවශ්‍ය නම් හොඳ නින්දක්ද දමාගෙන cool එකේ බස් රථයේ යා හැකිය . ( පමා නොවී යන ගමනක් ජොලියේ , වලවල්වල නොවැටී යාමට අවශ්‍ය නම් ඒ සඳහා අධිවේගී මාර්ග මෙන්ම සියළුම මාර්ග Carpet වෙමින්ද පවතී. )

එමෙන්ම අධික දුරක් ඇති ස්ථානයකයට ඇති දුරවල් , කිලෝ මීටර්වලින්  කියනවා වෙනුවට " පැයකින් ළඟා විය හැකි ස්ථාන ,පැය 1 -1/2 කින් පැය 2 කින් ළඟා විය හැකි  ස්ථාන බවට පත් වෙමින් පවතී.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා / වාදීන් යයි කියු එකාට වැටි වැටී දුවන්නට පහර දෙන්නට අත්‍යාවශ්‍යය  වාතාවරණය රටේ පළමු පුරවැසියා ඇතුළු ගරු ආරක්ෂක ලේඛම් සහෝදර ගෝඨාභය රාජපක්ෂ විසින් සළසා දුන්නේය ( උඹළා බය නැතිව සටන් කරපල්ලා  ..

ජාත්‍යන්තරයේ එවුන් ලෙඩ දාන්න ආවොත් මම බළා ගන්නම්.. ඒක නිසා උඹළා බය නැතිව සටන් කරපන්.. යන , වෙන කාටවත් ළබා දිය නොහැකි අත්‍යා වශ්‍යය මානසික ශක්තිය ත්‍රිවිධ හමුදාවට     ළබා දුන්නේය .

 ඊට අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල සැළසුවේය. මීට පෙර සිටි කිසිඳු ජනාධිපතිවරයකු විසින් ඉටු නොකළ දෙය වූයේ එයයි. (මින් පෙර සිටි ජනාධිපතිවරුනට, ජාත්‍යන්තරයට නොබියව මුහුණදීමට හැකියාවක් කිසි ලෙසක තිබුනේම නැති අතර ඔවුන් සෑම විටම ජනාධිපති පුටුව ආරක්ෂා කර ගැණීමට යුද්ධයේ ජයග්‍රහණය විවිධාකාරයෙන් අඩ පණ කළේය.)

මින් පෙර සිටි ජනාධිපතිවරුන් තමන්ගේ  ඇඟ බේරා ගත්තේය. නමුත් අති ගරු මහින්ද රාජපක්ෂමහතා ( ඇතුළු සහෝදරයා) ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් තුට්ටුවකටවත් ගණන් නොඟෙන නොබියව ජාත්‍යන්තරයටද මුහුණ දී , උඹළා බය නැතුව  සටන ඉවර වෙන තෙක්ම ඉඳිරියට පළයල්ලා , යනුවෙන් අණ දීමට නිහතමානී සහ එඩිතර විය.


යුද්ධයේ ජයග්‍රහණය පෙනෙමින් තිබියදීද විවිධ පිටස්තර බලවේග මඟින්

 යුද්ධය අඩපණ කිරීමට උත්සාහ දැරූවද රටේ නායකයා මෙන්මසේනාධි

 නායකයා ලෙස ලෙස අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා 
නොසැලින. 


තුමාගේ නොසැලෙන ශක්තිය නිසා සටන ජයග්‍රාහීව නිම කිරීමට හැකියාව ලැබිණ. මෙවැනි කොන්ද පණ තිබෙන නායකයකු නොසිටියා නම් තවමත් ලංකාව යනු හැම නඟරයකම කොයිවේලේ බෝම්බ පුපුරණ මරාගෙන මැරෙන මානසික රෝගීන් සිටින රටකි.

නමුත් අද රටේ ඕනම ජනාකීර්ණ නඟරයක නිඳහසේ ඕනම කෙනෙකුට රවුම් ගැසිය හැවිදිය හැකිය. කොයිවේලේ බෝම්බයක් පුපුරාවිදැයි යන මානසිකත්වය සහිතව පපුවේ බිත්තර තැම්බි තැම්බී ගිය යුගයට අති ගරු ජනාධිපති තුමා තිත තැබුවේය.






ඉතාමත් දක්ෂ හමුදාපතිවරු මීට කළින් සිටියත් ( උදා : ඩෙන්සිල් කොබ්බෑකඩුව / විජය විමලරත්න  )ඔවුන්ව උවමනාවෙන්ම වාගේ ඝාතනය කිරීමට ( News) ප්‍රභාකරන් නැමැති මානසික රෝගියාට 
මීට ඉහත පැවති රජයන්වල සිටි ජනාධිපතිවරුන් විසින් ඉඩ සැළසුවේය.
Great Hero

 නමුත් අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට , සැබෑ ලෙසම යුද්ධයේ නිමාවක් දැකීමට උවමනා විය.

මින් පෙර සිටි ජනාධිපතිවරුන් විසින් හමුදාව වට කරගෙන පිංතූරයක් පවා ගන්නට බිය වූයේ , එවැනි එකක් ගැණීමෙන් යුද්ධය සැබෑ ලෙසම ඉවර කරන්නට ජනාධිපතිවරයා විසින් අත ගසා ඇති බව ප්‍රභා නැමැති මානසික රෝගියාට හැඟුනහොත් තමන්ටද ඔහුගෙන් තර්ජන එල්ල වන්න පුළුවන් හෙයිනි.

නමුත් අතිගරු ජනාධිපතිවරයා ,
හමුදාව වට කරගෙන ඔවුනට අවශ්‍යය කාරුණික උපදෙස් දෙමින් උඹළා බය නැතිව තිතටම යුද්ධය ඉවර කරපන් , යන්නා වූ විධානය දුන්නේය.

ලොව කොහේ හෝ රටකට ගිය අවස්ථාවලදී පවා ලංකාවේ පවතින යුද්ධය පිළිබඳව පූර්ණ අවධානයෙන් පසු විය.හමුදාපතිවරුන්ට / නිළධාරීන්ට  ආරක්ෂක ලේකම් වරයාට අවශ්‍යය පූර්ණ විධානයන් තිතටම දුන්නේය.
ඔවුන්ද ඒවා තිතටම අනුගමණය කළේය.අවුරුදු 30ක් තිස්සේ රටේ සංවර්ධනයටත් , ලංකා වාසීන්ගේ මානසික සෞඛ්‍යයටත් හෙනයක්ව තිබු යුද්ධය අති සාර්ථක ලෙස නිමා කෙරුවේය. 




එමෙන්ම ලෝකයේ අති පිරිසිඳු හා මනස්කාන්ත නඟර අතරට ලංකාවේ නඟරද  පත්කරමින් පවතී. තව මාස කිහිපයක් යන විට පිටකොටුව පවා ලෝකයේ සංවර්ධිත රටවල්වල ඇති නඟරවලට වඩා අති පිරිසිඳු හා මනස්කාන්ත නඟරයක් බවට පත් වෙන සළකුණු විද්‍යාමාන වේ.