August 6, 2014

[ 18. ] අත්‍යාවශ්‍ය කාරුණික ඉල්ලීම් (කෝපාන්විතව හැසිරෙන්නන් සම්බන්ධව )

පසු ගිය දිනෙක ආණ්ඩුවේ ප්‍රබල දේශ්පාලකයන් දෙදෙනෙක් අතර ඇති බහින් බස් වීම ප්‍රතිඵලයක් ලෙස  එක් අයෙක් මරු මුවට පත් වූ අතර අනෙක් අය තවමත් දරුණු අසනීප තත්වයෙන් ප්‍රතිකාර ලබන්නේ යයි අසන්නට ලැබිණි. ඔවුන්ගේ පුද්ගලික චරිතයන් පිළිබඳව විවිධ අය විවිධ කතා කියති.ඒවා මට වැඩක් නැත.

කෙසේ වෙතත් ඔවුන් යුද්ධයෙන් රට මුදා ගත් අවස්ථාවේදී ආණ්ඩුවට සහය දුන් පුද්ගලයන් වන අතර මහජන නියෝජිතයන් ලෙස දෙදෙනාම ආණ්ඩුවට වැදගත් පුද්ගලයන්ය.

මෙම සිද්ධියට මූලිකම හේතුව ලෙස මා දකින්නේ දෙදෙනාටම කෝපය පාළණය කරගත නොහැකිවීමයි.





එමෙන්ම ආරක්ෂකයන් මෙතනට පැන දෙදෙනාගේ කෝපය මොහොතකට හෝ නිමුවා නම් දෙදෙනාම අද නිරෝගී සුවයෙන් පසුවේ.


එනිසා මෙවැනි උදාහරණයන් සැළකිල්ලට ගෙන ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවන්ට කෝපය පාළණය කිරීමේ අවශ්‍යතාවය ගැන අවබෝධයක් ලබා දිය යුතුය.( මේ පිළිබඳව වඩාත් අවබෝධයෙන් පසුවිය යුත්තේ ඔවුනොවුන්ගේ ආරක්ෂකයන් විසිනි.)



වෙඩි තබා ගැණීම එකම විකල්පය නොවන බවට විශේෂයෙන් ආරක්ෂකයන්වද දැනුවත් කළ යුතුය.
සාමාන්‍යයෙන් ප්‍රබලයින් දෙදෙනෙකු ලෙහෙසියෙන් අනිකාට නොනැමෙන සුළු නිසා , මැද්දට පැන විහිලුවක් ආදී ක්‍රම මඟින් මොහොතකට හෝ දෙදෙනාගේ කේන්තිය කඩා දැමීම වැනි ක්‍රමද ආරක්ෂකයන් හට පුරුඳු කළ යුතුය.( එනම් කේන්තියක් ඇති වූ විට එය එක දිඟටම නොපවතින පරිඳි උච්චතම අවස්ථාවක් දක්වා කේන්තිය වර්ධනය වීමට ප්‍රථම මොහොතකට හෝ ප්‍රබලයන් දෙදෙනා අතර කේන්තිය කඩන ක්‍රමද සෑම පෞද්ගලික ආරක්ෂකයෙකුටම පුහුණු කළ යුතුය.)




විපරමින් බැලූ විට , ඇත්තෙන්ම කැළණිය පැත්තේ සිටින සෑම අංශයකින්ම ප්‍රසිද්ධ හා බලතලද ඇති ඇමතිවරයා කෝපය පාළණය කරන ආකාරය සැමට ආදර්ශයකි. ඔහු ඔහුගේ කේන්තිය වචනයෙන් වහා මුදා හැරියද , අනෙකා හාස්‍යයට ලක්වන තරමක විහිළු ආකාරයක්  ගන්නා ලෙසකින් බොහෝ විට එම කේන්තිය මුදා හරින්නට ස්වයංක්‍රීයව මනස හැඩ ගැසී ඇත්තෙකි.


මෙනිසා ඔහුගේ කේන්තියද පිටවන අතර ප්‍රතිවාදියාව අනවශ්‍ය ලෙස තද බල චිත්ත පීඩාවකට ලක් නොවේ.




දරුවකු දෙතුන් වරක් කරදර කරමින් මාගේ මනසහි කේන්ති අවුස්සන ආකාරයෙන් කරච්චල් කරන විට කේන්තිය පිට කිරීම සඳහා "ඇයි යකෝ ' කියා අසනවා වෙනුවට "ඇයි මේ කරදරේ......" කියා කේන්තිය සහිතව නැළවිලි  ස්වරූපයෙන් ඇසීමට පුරුඳු වූයේ ඉතාමත් අමාරුවෙනි.(නමුත්, එය ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක් නිසා මා අමාරුවෙන් පුරුඳු වූයෙමි )

කොටින්ම යම් අවස්ථාවක බිර්‍රිඳ වෙත බැණීමට සිඳු වුනද එය තරමක සිනහවද මුසුවූ ලයාන්විත වචන සහිත කේන්තියකින් වචන පිටකිරීමට මගේ මනස ඉබේම හැඩ ගැසී ඇත.

විදේශිකයන් සමඟ ඉංග්‍රීසියෙන් කතා බගේදී සිංහලෙන් මෙන් කටට එන හැම වචනයකින්ම බැන ගැණීම අපහසු නිසා ලයාන්විත කේන්තියකින් පමණක් විදේශිකයන් හා බැණගැණීම පුරුදු වූ නිසා , මා හට මෙම ගුණාංගය ඉබේම පුරුඳු විය.

අධික කේන්තියක් ඇති වූ විට එය පිට නොකළහොත් , තමුන් ඔහුට  භය වුනා වැනි හැඟීමක් ප්‍රතිවාදියා තුළ ඇති වේයයි යන සිතිවිල්ල තමුනට ඇතිවීම නිසා , අඩුම ගණනේ දරුණු පරුෂ වචනයකින් හෝ කෙන්තිය පිට කිරීම මිනිසා අතින් ඉබේම සිඳුවේ.
නමුත් එවැනි අවස්ථාවකදී , බල්ලො මාව හපා කෑවට මං බල්ලොන්ව හපාකන්නෙ නැහැ වැනි වචනයකින් කේන්තිය පිට කරනවා නම් එය පරුෂ වචනයෙන් කේන්තිය පිට කරනවාට වඩා යහපත්ය.[ පරුෂ වචනයෙන් බැණ ගන්නා විට තමන්ගේ රුධිර පීඩනයද අධික ලෙස ඉහල යන නිසා ]

කෙසේ නමුත් තම ලොක්කාගේ හා ප්‍රතිවාදියාගේ කේන්තිය මොහොතකට හෝ නැසීමේ විශේෂ පුහුණුවක් ඔවුනට ලබා දිය යුතුය.( කේන්තිය උච්චතම අවස්ථාවට යාමට ප්‍රථම )

ඉස්සර කාළයේ කවට අන්ඳරේ නැමැති අය රජ වාසල තුළ සිටියේ මෙවැනි මානසික අවශ්‍යතාවයන් නිසා වන්නටද පුළුවන .

කෙසේ නමුත් ලොක්කාගේ කේන්තිය හා / හෝ ප්‍රතිවාදියාගේ කේන්තිය මොහොතකට හෝ දුරලීමේ දක්ෂතාවක් ආරක්ෂකයන් සතුව තිබිය යුතුය.

පාසල් කාළයේ සිටම ලෙහෙසියෙන් නොනැමෙන අයකු වූ මා ප්‍රසිද්ධ ස්ථානයක  නීතිඥවරියක් වන මගේ බිරිඳගෙන් මා ඉවසීම පුරුඳු වුනෙමි.

මා අධික කේන්තියකින් පසුවන විටකදී මුහුණ දෙස බලා හිඳ විහිලුවක් කිරීම.

මං ඔයාට ඔයාගේ Blood pressure වැඩිවෙන නිසා බනින්නේ නැහැ. පුළුවන් නම් මගේ photo එක ඉස්සරහට ගිහින් තනියෙන් බනින්න.


මා ඇයට ආදරය කළ ආකාරය ඇය දන්නා නිසාත් ඇය විසින් මා වෙත ඇති ආදරය නිසාත් මෙසේ ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා මිස , ඇය මාහට ඇති බයක් නිසා ඉවසනවා නොවන බවඳ මා හොඳින් දන්න නිසාමා මාහටද මෙම ඉවසීමේ ගුණාංගය පුරුදු වුනි.
මීට අමතර මා සිටි අසනීප තත්වයෙන් සම්පූර්ණ සුවය ලැබීම සඳහාද ,මවිසින් කේන්ති ගැණීම හෝ මාව කේන්ති නොගැස්වීමද අනිවාර්‍ය අංගයක් විය. එනිසාම කේන්ති නොගැණීම මාහටද ප්‍රගුන විය.

කෙසේවෙතත් ඉවසීමේ ගුණාංගය ලොක්කන්ට වඩා ආරක්ෂකයින් විසින් පුරුදු පුහුණු විය යුතුය.
වෙඩි තබා ගන්නවාට අමතරව ඔවුන් දරුණු ලෙස කේන්තියෙන් සිටින අවස්ථාවකදී එම කේන්තිය මැඩලීමේ ක්‍රමද පුහුණු විය යුතුය.



No comments:

Post a Comment