September 25, 2015

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුන


Whoever the President Good Luck to my motherland Sri Lanka ............

http://offair.nethfm.com/article/26725 යන ස්ථානයේ ඇති web පිටුවෙහි තිබෙන ළිපියට comment එකක් ලෙස මෙය ලියමි.

( මෙම ලිපිය , යමෙකුව දේශපාළනික ලෙස අඟය කිරීමේ අරමුණින් හෝ යමෙකුට දේශපාළණික ලෙස අවමන් කිරීමේ අරියෙන් ලියන ලිපියක් නොවන බව කරුණාවෙන් සළන්න.)

මා බහුළව Sri Lanka වට පැමිණෙන U S A හි වාසය කරන , Sri ලාංකිකයෙක්මි. 

මෙවැනි දේවල් (the tallest building in South Asia - ) ලංකාවට ඉතාමත් උවමනායි. 

( අපි ඉස්සර Europe Countries වළට ආවහම එම රටවල්වළ තිබෙණ සුවිශේෂ තැවළට ගිහිල්ලා අපේ photos ගන්නවා වගේ..., දැන් ඉතිං ලංකාවට එන සංචාරකයොත් , ඒගොල්ලෝ ලංකාවට ගියා කියළා පෙන්වන්න , අනිවාර්‍යයෙන්ම Lotos Tower ළඟ ඉඳළා Photos ගන්නත් පෙළඹේවි.) 


සාමාන්‍යයෙන් , අපේ රට ප්‍රසිද්ධ වෙළා තිබුණේ , නිතරම ජනාකීර්ණ තැන්වළ බෝම් පිපිරීම නිසා ඉතාමත් අන්ත ලෙස පීඩා විඳින රටක් හැටියටයි.

 ඒ වගේම ,  අපේ රටත් (Shri Lanka ) සෝමාලියාව , ඉන්දියාව වගේ ඉතාමත් අපිරිසිඳු රටවල් හැටියට තමයි,ගොඩක් විදේශිකයන්ගේ ඔළුවේ තියෙන්නේ.

ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ රජය විසින් සැළසුම් කර තිබූ පරිඳි , පිට කොටුව සම්පූර්ණයෙන්ම නවීකරණය කර , කෙළ පිඩක් හෝ ගසන්නට සිතෙන්නේ නැති වන ලෙස අළංකරණය කළ යුතුයි.

චන්ද(Votes ) කැඩේවියයි යන බයෙන් , නැවතත් හිතුමතේ පාරේ , ඇවිදින මිනිසුන්ට( Pedestrian ) ඉතාමත් අවහිර වන සේ , Pavement එකෙහි වෙළදාම් කරන්නට ඉඩ නොදිය යුතුයි { පදික වේදිකාව තිබෙන්නේ පදිකයන්ට ඇවිදාගෙන යන්නට මිස(Hiker) , වෙළදාම් කරන්නට නොවේ } Pavement එකෙහි තැන් තැන්වළ ඉතාමත් අපිරිසිඳු ආකාරයෙන් අමු දවල් කාළය ( Broad day light ) වන තුරුත් බීමතින් ඉතාමත්ම අපිරිසිඳුව නිදා ගන්නටත් බත් ඉඳුල් විසි කරන්නටත් ඉඩ නොතැබිය යුතුයි.

ඇත්තෙන්ම කියනවා නම් , දැන් Floating Market එක ගසා ඇති තැන ඉස්සර තිබුණේ ඉතාමත් අවිධිමත්ව ආකාරයෙනි. රාත්‍රියට මිනිසුන් ඒ කඩ අස්සේ තැන් තැන්වළ බීමතින් මුත්‍රා කරන නිසා උදේට ගන්දසාරේ ඉන්නට බැරි , මතක් වෙනවිටත් ඔළුව කැක්කුම හැඳෙන පරිසරයකි.

නමුත් පෙර තිබුණ තත්වය හා සාපේක්ෂව බළන කළ දැන් එතන තිබෙන්නේ සුරපුරයකි.ඇත්තෙන්ම එම නඟර අළංකරණ සැළසුම් දුටු කඩකාරයින් , තමන්ගේ කඩ කඩා දමන්නට ඉඩ දී තිබුණේ  , තමන්ගේ අනාගත දරුවන්ට හෝ ලස්සන රටක් තියෙනවානේ " යන අඳහස ඇතිව ඉතාමත් කැමැත්තෙනි.

නාගරික සංවර්ධනය භාරව ගෝඨාභය රාජපක්ෂලා  සැළසුම්කර තිබූ පරිඳි පිටකොටුවේ ඉතිරි අළංකරන වැඩ පිළිවෙළද ක්‍රියාත්මක කළ යුතුයි.
චන්ද කැඩේවි යයි බයෙන් , හිතූ හිතු තැන්වළ වෙළදාම් කරමින් , පදික වේදිකාව අවහිර කිරීමට ඉඩ නොදිය යුතුයි.

පිටකොටුවේ Pavement එක සම්පූර්ණයෙන්ම ගළවා ඉතාමත් ලස්සන ආකාරයෙන් Interlock Pavings ගල් අල්ලා , පාර ආශ්‍රිතව ලස්සනට “මල් පිපෙන ගස්” වවා ,විධිමත් ආකාරයේ වැටවල් යෙදීමට , එක් මාසයක බදු ආදායමෙන් කොටසක් ගත් විටඉහටත් උඩින් ප්‍රමාණවත් ( more than enough ).

විදේශිකයකු පැමිණි විට , මෙන්න අපේ රටේ බස්නාහිර පළාතේ ප්‍රධානතම නඟරය ( " Colombo ") කියා ලැජ්ජාවක් බයක් නැතිව කියන්නට හැකිවන ළෙස සාදන්නේ නම් ඉතාමත්ම අඟේ කොට සළකමු.

පිරිඳුකම සහ ලස්සන තිබෙණ විට , වෙළෙන්දන්ට පවා අපිරිසිඳුව සිටින්නට සිතෙන්නේ නැත. එවිට ඔවුන්ද ලස්සනට සහ සුපිරිසිඳුව සිටීමට ස්වයංක්‍රීයවම පෙළඹේ.

මල් වවන්නේ නම් ඒවාට සැමදා උදේ 5 a.m වන විට ( එනම් මිනිසුන් නඟරයට පැමිණ නැති , නනඟරය කාර්‍යය බහුළ වී නොමැති අවස්ථාව ) වන විට වතුර සහ අවශ්‍යය පරිඳි පොහොර දැමීම සහ නඟරය සම්පූර්ණයෙන්ම , පුංචි කොළ කැබැල්ලක්වක් නොමැති වන ළෙස පිරිසිඳු කළ යුතුයි.

පිරිසිඳු බව ඇති විට , ප්‍රශ්ණ තිබෙන මිනිසුන්ගේ පවා ,ඉබේම ඔළුව සැහැල්ලු වේ.( නමුත් දැන් තිබෙන පිටකොටුව නඟරය දුටු විට , ඉබේම ඔළුව කැක්කුම සෑදේ.)

මේ Europe රටවල්වළට මිනිසුන් පැමිණෙන්නට අශා කරන ප්‍රධානතම කාරණය නම් , ලස්සන බවත් පිරිසිඳු බවත්, සැළසුම් සහගත බවත් ඇති නඟර නිසාය.
ශ්‍රී ලංකාවත් එම තත්වයට ගෙන එමු.

චන්ද කැඩේවි යයි බයෙන් මිනිසුන්ට ඔනෑම දෙයක් කරන්නට ඉඩ නොදී , සුපිරිසිඳු සහ ඉතා අළංකාරවත්( මනස්කාන්ත ) නඟර බිහි කරමු.පදික වෙළදුන් එක්වරම ඉවත් කිරීමට අපහසු නම් , පදික වෙළදාම් කිරීම හරස් වීදිවළට පමණක් සීමා කරමු.
මහා මාර්ගයේ පදික වෙළදාම් කරන මිනිසුන්ද හරස් වීදිවළට( Ex 1st cross street , 2nd cross street ) යවා ( Transfer )නඟරය පිරිසිඳු සහ අළංකාරවත් කිරීම අරඹමු.

( එවිට බඩු ගැණීමට උවමණා මිනිසුන් හරස් වීදිවළටම පමණක් ගොස් බඩු මිළට ගැණීමට පෙළඹේවි.) -World Market එකද previously Planned  පරිඳි පාරෙන් එහා පැත්තේ ඉඩමට shift කරමු

 මහින්ද හෝ ගෝඨාභය ඇති කරපු Plans යයි කියා පංගුපේරු නොබළා මෙවැනි වැඩ ඉඳිරියට ගෙන යමු.සැබෑ යහ පාළණයක් සඳහා , මිනිසුන් නිතර ගැවසෙන නඟරයෙහි මනස්කාන්ත බව සහ සුපිරිසිඳු බව ඉතාමත් උවමනාය. 
Good Luck....Good Luck.....Good Luck

රනිල් වික්‍රමසිංහ මහතාත් නිතරම Europe  රටවල අභාෂය ළබාගෙන ඇති නිසා , මෙවැනි වැඩ පිළිවෙළවල් සාර්ථක කර ගැණීමට මෛත්‍රීපාළ ජනාධිපතුමාට ඉහළින්ම සහයෝගය දෙනු ඇතැයි විශ්වාස කරමු.

අපි එකම රටේ මිනිසුන්. තරහ මරහ හොඳ නැහැ. මහින්ද & ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ජනාධිපති උපදේශකයෝ විධිහට පත් කර ගත්තොත් හොඳ නැද්ද ? නේද? ( Seriously )

ප්‍රතිවාදීව සටන් වැඳුනු නමුදු පැරදුණු ජනාධිපතිවරයා ( &  Gotabhaya) , සංවර්ධනය පිළිබඳව  තමන්ගේ උපදේශකයකු ලෙස පත් කර ගත්තා යයි  දැණ ගත් විට ලෝකයේ සියල්ලෝම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තව තවත් ගරු කරාවි. 

Whoever the President Good Luck to my motherland Sri Lanka ............


No comments:

Post a Comment