August 15, 2014

[ 9. ] යෝජනා : A taller or The tallest Fountain to be built in Sri Lanka.( ලෝකයේ / ආසියාවේ උසම වතුර මල ලංකාවේ ඉඳි කරමු.)

ලෝකවාසීන් , ලංකාව පිළිබඳව පිළිබඳව දන්නේ , යුද්ධයක් නිසා දරුණු ලෙස බැට කෑ රටක් හැටියට හා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ රටක් ලෙස පමණි.

මෙනිසා  තවත් ක්‍රම මඟින් අපේ රට විශේෂිත ලෝක තොරතුරු පොත්වලට යැවිය යුතුය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය විසින් යුද්ධය අති සාර්ථක ලෙස නිමා කිරීමෙන් අනතුරුව ලෝකයේ ලස්සනම සහ පිරිසිඳුම රට බවට ලංකාව පත්කෙරෙමින් ස්වාභවයක් පෙනෙන්නට තිබේ. එම පිරිසිඳුකම සහ ලස්සන අතරට, ලෝකයේ උසම වතුර මල වැන්නක් ලංකාවේ ඉඳි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මෙමඟින්, ලංකාවේ නම වඩාත්ප්‍රචලිත වන අතර, මෙය සංචාරකයන් ලංකාව තුලට ගෙන ඒමට ඉතාමත් පිටිවහලක්ද වනු ඇත. වතුර මලක් යනු ඇසූ පමණින් සිතටද සැහැල්ලුවක් ගෙන දෙන දෙයකි.

 Galle Face / Parliamentවැනි ස්ථානකට අඩි1000ක් පමණ අහස දෙසට විඳින වතුර මලක් තිබෙන්නේ නම් එය ඉතාමත්ම අලංකාරය.
උදෑසන සහ සවස ජාතික ගීය වැයෙන්නට සළස්වා එම අවස්ථාවන්හිදී මෙම වතුර මල ක්‍රියාත්මක වන්නට සලස්වන්නේ නම් ඉතා මැනවි..

උදෑසනට විනාඩි 5ක් සහ සවසට විනාඩි5ක් පමණ ( හෝ වෙනත් උචිත සුළු කාළ සීමාවක් ) මෙම වතුර මල ක්‍රියාත්මක කිරීමෙන් ඒ සඳහා එතරම් විඳුලි බලයක් වැය වන්නේද නැත.

එසේ නොමැති නම් වෙසක් දිනය , නිඳහස් දිනය වැනි දිනයක් (එනම් අවුරුද්දකට එක් වරක් ) හෝ විදේශ රාජ්‍ය නායකයකු පැමිණි විට ඔහුට ගෞරව කිරීමක් සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමටද මෙම වතුර මල තබා ගත හැක.


එවැන්නක් පිළිබඳව දළ අඳහසක් ලබා ගැණීමට...Click here


No comments:

Post a Comment