August 16, 2014

[ 8. ] යෝජනා : පොදු වැසිකිළි පද්ධති පිළිබඳව

( 1) පිටකොටුවේ ඇති වැසිකිළි පද්ධති ඉතාමත් අශෝභන වන අතර , සුපිරි හෝටලයක ඇතිවාක් මෙන් ඉතාමත්ම පිරිසිඳු ලෙස පවත්වා ගැණීමට රජයෙන්ම සේවකයන් පත් කිරීම කළ හැකිනම් , පාවිච්චිය සඳහා මුදල් ගෙවීමට අපොහොසත් දුප්පත් අයකුට පවා මානසික විඩාවකින් තොරව එම රාජකාරිය කරගෙන පැමිණිය හැක.

( 2)නමුත් මුදල් අය කරනවා නම් අනිවාර්‍යයෙන්ම පිරිසිඳු බවින් සහ වියලි බවින් යුතුව වැසිකිළි නිරන්තරයෙන් නඩත්තු කළ යුතුය.( මෙය Health එක පිළිබඳව requirement  එකකි.)

 ( 3)සෑම පැය 3කටම වරක්වත් වැසිකිළි පොළවේ වියලි බව ඇති කිරීමට වැඩ පිළිවෙළක් තිබෙන්නේ නම් ඉතාමත්ම අඟනේය. ( නමුත් දැන් පවතින තත්වයට අනුව , පොළවේ ජලය අධිකලෙස ගලා යන නිසා කළිසම මඳක් හෝ උස්සාගෙන ගමන් කළ යුතුය.)

වැසිළියක්  , කෑම කාමරය මෙන් පිරිසිඳු බවක් තිබිය යුතු තැනක් බවට ලක්ෂනට තබා ගත යුතුය.( එවිට පිරිසිඳු බව තව දුරටත් රැක ගැණීමට මිනිසා හට සිතක් පහළ වේ.)

( වැසිළියක්දැයි සිතා ගත නොහැකි තරමේ ලස්සනපෙනුමක් ලබා දුන්විට අපිරිසිඳු කිරීමට බයක්ද ඇතිවෙන අතර පිරිසිඳුව සිටීමට ස්වයංක්‍රීයවම මිනිසා හැඩ ගැසේ. ) 





අප එතරම් අවධානයයක් යොමු නොකළද , රටක පොදු වැසිකිළි පද්ධති අහ්‍යන්තර ය ඉතා සෞම්‍ය පාටවලින් යුක්තව අලංකාරව හා  ක්ෂනිකව පිරිසිඳු කළ හැකි තත්වයකින් පවත්වා ගැනීම ඉතාමත්ම  වැදගත්ය.

( එමෙන්ම වැසිකිළිය යනුවෙන් කැත අකුරුවලින් තීන්ත පෙරමින් ඉබාගාතේ ලියනවාට වඩා  පොදු වැසිළියකට වුවද මෙවැනි පෙනුමක් සහිත ලස්සනට ලියන ලඳ නාම පුවරුවක්ද අවශ්‍යය )



No comments:

Post a Comment