අතිගරු ජනාධිපතිතුමා බළයට පත් වන විට , කොතරම් අති දක්ෂ හමුදාවක් සිටියද බළයේ සිටි කිසිම රජයකට අවුරුදු 26ක් තිස්සේ, යුද්ධය නිමා කර ගත නොහැකි විය.සමහරු යුද්ධය වවාගෙන කෑවේය.නමුත් මහින්ද රාජපක්ෂ මහතාට අති සාර්ථක ලෙස යුද්ධය අවුරුදු 4කින් නිමා කර ගත හැකි විය. දශක තුනක යුද්ධය එළෙස නිමාවට පත් කෙරිණ.
නමුත් අතිදරුණු සහ ඉතාමත් අමානුෂික වූ ඉතාමත්ම දුක්කදායක යුද්ධයක් මෙරටේ තිබු බවත් , එය අවසන් කර දුන්නේ අති ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය විසින් බවත් .. සහමුලින්ම වාගේ අමතක වී ඇති ආකාරයෙන් දොඩවන අනන්තවත් පිරිසක් මෙරටේ සිටිති. ( අම්මාගෙන් බිවු කිරිවල ගුණයත් තාත්තාගෙන් ලැබු පෝෂණයත් යන දෙකම මෙවැනි පර බල්ලන්ට මතක නැතිව ඇතිය යන්නද මට හොඳටම විශ්වාසය. )
( සමහරුන් මැරිළා ඉපදුනාක් මෙන් තිබුණු කරදරකාරී තත්වයෙන් රට මුදවා ගත් හැටි අමතක කර දමා ඇත )
රටේ සිඳු කරමින් පවතින සීඝ්‍ර සංවර්ධනයද මොවුනට උහුළන්නට බැරිය.
නමුත් මා හොඳින්ම අත් දුටු කරුණ වූයේ ; ඔහුට සුමානය පුරහාම වැඩ පළේදී කට්ටිය එකතු වී බැන්නත් අවසානයේ බැන්න සියල්ලන්මද , චන්දය දමා ඇත්තේ අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තව දුරටත් ශක්තිමත් වන ලෙසයි.
( මිනිසුන් පවතින ආණ්ඩුවට බැණීම සාමාන්‍ය පුරුද්දක් වුවත් , මේ අවස්ථාවේදී , සිතට එකඟව අවසානයේ චන්දය දිය යුත්තේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ශක්තිමත් කිරීමට බව සැවොම තීරණය කරති.තමන් දමන චන්දය රටේ සංවර්ධනය කිරීම සඳහා දෙනු ළබන චන්දයක් බවත් එය අපේම මතු පරපුරටද කරනා සේවයක් සැවොම වටහාගෙන සිටිති. )
එනිසා කවුරු කුමන ආකාරයෙන් දෙ ඩෙව්වද අවසානයේ එතුමා දිනුම්ය.
No comments:
Post a Comment