July 28, 2014

[ 26 ]විවේචන : Floating Market Colombo : Pettah

Dear Sirs / Readers ,
News Paper Articles  දුටු වහාම ඊයේ ( 2014-අගෝස්තු-22 )මා පිටකොටුවේ ඉඳි වී ඇති  මනස්කාන්ත පරිසරය සහිත   Floating Market Colombo : Pettah බළන්නට ගියා.

එම වෙළපළ සඳහා පහත  විවේචන / යෝජනා මා ඔබ වෙත ඉඳිරිපත් කරන අතර, මේ පිළිබඳව එම අදාල රජ යේ ආයතනයන්ටගේද, අතිගරු ජනාධිපතිතුමාගේද අවධානය යොමුවනු ඇතැයි සිතමි..

() 1 ) මුළු පරිසරයම ආවරනය පරිඳි කහ / නිල්වැනි ආලෝකයක් තිබුණා නම් ඉතාමත් අඟනේය ( නමුත් දැන්  ඇති විදුළි බුබුලු ප්‍රමාණ නිසා සිතට ප්‍රබෝධමත්  බවක් ඇති නොවේ . දැනට පවතින විඳුලි බුබුලුවලින් පවතින්නේ මළානික ස්වාභාවයකි)

(2 ) එක එක කඩ වර්ඟ සඳහා වෙන් වෙනම හෝ සියළුම , කඩ සඳහායම්කිසි  රූපයක් සහිත ( සිංහයකුගේ රූපය ) සහිත වැනි ඇඳුමක් ( Uniform )හෝ පාට දෙක තුනක් මිශ්‍ර වූ සහ ඇඳන් සිටින විට යම්කිසි අභි මානයක් ගෙන එන ආකාරයේ ඇඳුමක් තිබුණා නම් ඉතාමත් අඟනේය.

(3) කිසිම ලෙසකින් විධිමත් පුටු හැර වෙනත් ආකාරයේ පෙට්ටි වැනි දේවල් හිඳ ගැණීම සඳහා භාවිතා නොකරන ලෙස රීතියක් ගෙන ආ යුතුය ( කඩයක දෙකක මිනිසුන් , තවම අපිරිසිඳු අන්ඳමින් , පෙට්ටි මත හිඳගෙන , පෙට්ටිය මතට කකුල්ද ගෙන රස්තියාදු කාරයන් මෙන් සිටිනවා මා දුටුවෙමි.)

(4) සෑම විටම කොන්ඩය පීරාගෙන සිටින ලෙස ආයාචනාත්මක නීතියක් ගෙන ආවා නම් , ඔවුන්ගේ  සංවර බවද ඉබේම ඇති වේ.

(5) කල්ලි ගැසීම සිඳු නොවීමට දැන් සිටම වඟ බලා ගත යුතුය.

( 6) දහඩිය දැමූ විට මුහුණ සෝදා පවිත්‍ර වී පැමිණීමට wash room ( for washing purpose )එකක්ද තිබේ නම් ඉතාමත් අඟනේය.


(7) වතුරට හෝ බුළත් කෙළ ගැසීම හා සිගරට් බීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.

(8) මීට අමතරව ඉඳිරිපස ඇති පොදු වැසිකිළිය පවා ඉතාමත් අළංකාර ලෙස වර්ණවත් කොට සෑම විටම , පොළව සම්පූර්ණයෙන්ම වියළි බවින් යුතුව පැවැත්වීමට කටයුතු කළ යුතුය.
දැනට තිබෙන යෝජනා මෙපමණයි
            ස්තූතියි
              

No comments:

Post a Comment